ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක්


ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් - Read Photos

10 January 2019

ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක්

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ  වාර්ෂික මහ සභාව සහ නිලවරණය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

එම අවස්ථාවට සියලුම ජාතික පුවත්පත් ඇතුළු මුද්‍රිත මාධ්‍යන් නියෝජනය කරමින් ඡායාරූප මාධ්‍යවේදීන් සහභාගි වූ අතර එහිදී 2018 - 2019 වසර සඳහා නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගැනුනි.

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස දමින්ද හර්ෂ පෙරේරා මහතා එහිදී   (ඩේලි එෆ්.ටී.) තේරී පත්විය.

ලේකම්වරයා ලෙස කුෂාන් පතිරාජ මහත‍ා  (ඩේලිමිරර්)  තෝරා පත්කරගෙන තිබෙන අතර එම සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස තේරී පත්ව ඇත්තේ  ජේ. වීරසේකර මහත‍ාය. (මවුබිම - සිලෝන් ටුඩේ)

උප සභාපතිවරුන් ලෙස සුජාතා ජයරත්න (දිවයින), සමන් ශ්‍රී වෙදගේ (ලේක්හවුස්) උප ලේකම්වරයා ලෙස ජූඩ් ඩෙන්සිල් පතිරාජ (දිවයින) උප භාණ්ඩාගාරිකවරයා ලෙස සමීර රාජපක්ෂ (අද) සහ සුබසාධක ලේකම්වරයා ලෙස රොමේෂ් ධනුෂ්ක සිල්වා (ලංකාදීප) යන මහත්ම මහත්මීන් පත්ව තිබේ. 

සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වශයෙන් ලංකාදීප පුවත්පතේ ඡායාරූප කර්තෘ ගාමිණි අබේසේකර, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඡායාරූප කර්තෘ ලක්‍ෂ්මන් ගුණතිලක, ඉරිදා ලංකාදීප ඡායාරූප කර්තෘ ඇලෙක්සැන්ඩර් බාලසූරිය සහ මව්බිම, සිලෝන්ටුඩේ පුවත්පතේ ඡායාරූප කර්තෘ ගැමුණු වැල්ලගේ යන මහත්වරුන් පත්ව තිබේ.