ඉරාක සිරකරු සහ පුතු


ඉරාක සිරකරු සහ පුතු - Read Photos

14 January 2019

ඉරාක සිරකරු සහ පුතු

ඉරාක යුද සිරකරුවෙකු සිය සිව් හැවිරිදි දරුවාව තුරුළු කරගෙන සිටින මෙම ඡායාරූපය ගනු ලැබුවේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූප ශිල්පී ප්‍රංශ ජාතික ජීන්-මාක් බූජු විසිනි.

නජාෆ් නුවර රැඳවුම් කඳවුරකදී 2003 මාර්තු 31 දින ගත් මෙම ඡායාරූපයට 2003 වසරේදී පුලිට්සර් සම්මානය ලැබිණි.

වාර්තා වී ඇති අන්දමට, ඔහුට සිය දරුවාව මුණ ගැසීමට මුලින්ම ලැබුනේ විනාඩි දෙකක් පමණි. කෙසේනමුත්, පසුව ඔහුට සිය දරුවා සමග විනාඩි විස්සක් පමණ ගත කිරීමට ඉඩ ලබා දී ඇත.

"කුඩා පිරිමි දරුවා බියෙන් සහ හඬමින් සිටි බැවින් ඇමෙරිකානු සොල්දාදුවෙක් සිරකරුවා අත තිබු ප්ලාස්ටික් අත්මාංචු කපාදැමුවා. ඒ කාලයේ මගේ කුඩා දුවගේ වයස අවුරුදු හතරයි. එවැනි අවස්ථාවකට ඇය මුහුණපෑවොත් ඇයට මොනවා සිතෙනු ඇත්දැයි මට සිතුනා." ජීන් මාක් බූජු පැවසුවේය.

ජීන් මාක් බූජුට 1995 සහ 1999 වසරවල්වලදී ද පුලිට්සර් සම්මානය ලැබුණි.

ඡායරුපයේ සිටින පුද්ගලයාට හෝ ඔහුගේ දරුවාට පසුව සිදුවුයේ කුමක්ද යන්න පිලිබඳ තොරතුරු නොමැත.