Severity: Warning
Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_session6eoqjllb4km9ef9k8cq7dcqqsurb6b07): Failed to open stream: Disk quota exceeded
Filename: drivers/Session_files_driver.php
Line Number: 177
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
Severity: Warning
Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)
Filename: Session/Session.php
Line Number: 137
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
ඡායාරූපය – AP
එලියස් ලෝපේස්ගෙ වයස අවුරුදු 3යි. හොන්ඩියුරානුවෙක්. මෙක්සිකෝවේ කැරළි මර්දන පොලිසියේ පලිහවලට මුවාවෙමින් සෙල්ලම් කරන ඔහු, තමන් ඉදිරියේ ඇති උවදුර ගැන කිසිවක්ම දන්නේ නැහැ. පුංචි එලියස් අයිති වුණේ මෙක්සිකෝවේ ටිජුවානා ජනපදය සහ ඇමරිකා එක්සත් ජනපදය යා කරන චැපරැල් දේශසීමාවෙන් (Chaparral border) ඇමරිකාවට ඇතුල් වෙන්න සිහින මවපු කණ්ඩායමකට. මේ පුංචි මධ්‍යම ඇමරිකානුවා සිතූ තරම් අවාසනාවන්තයෙක් වුණේ නැහැ. ඔවුන් සාමකාමී ලෙස ඇමරිකාව තුළට ඇවිදගෙන ගියා.
ඡායාරූපය – EPA
1943 නොවැම්බර් 22 වැනිදා ලෙබනනය ප්‍රංශයෙන් නිදහස ලැබුවා. එනිසා ඔවුන් 2018 නොවැම්බර් 22 වැනිදා සැමරුවේ ලෙබනනයේ 75 වැනි නිදහස් දිනයයි. මේ, ලෙබනන් හමුදා සොල්දාදුවන් නිදහස් දින උත්සවයදා සරඹ සන්දර්ශනයක නියැළුණු අයුරු.
ඡායාරූපය – EPA
ග්වාතමාලාවේ එස්කුයින්ට්ලා හි එල් රෝඩියෝ ගිනි කන්ද දුම් දමන හැටි අරුණෝදය මැදින් පෙනුණේ මෙහෙමයි. යමහල පුපුරා යාම නිසා 2000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරන්නට සිදුවුණා. ගම් කිහිපයක් ද එයට අයත්. මේ ගිනිකන්ද ආශ්‍රිත ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ග්වාතමාලා අගනුවර වන ‘ග්වාතමාලා සිටි‘ වලට කිලෝමීටර 50 ක් නුදුරින්.
ඡායාරූපය – AP
ඇලෙක්සි නවාල්නි යුරෝපීය මානව හිමිකම් අධිකරණයෙන් (European Court of Human Rights) පිටතට එමින්. ජනපති පුටින්ගේ කණ්ඩායම විසින් තමන්ව දේශපාලන හේතු මත නැවත නැවතත් සිරගත කරන බව කියමින් ඔහු යුරෝපීය මානව හිමිකම් අධිකරණයේ පිහිට පැතුවා. නීතීඥවරයෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන නවාල්නි, පුටින්ව දැඩි සේ විවේචනය කරන අයෙක්.
ඡායාරූපය – Reuters
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට නොවැම්බර් 20 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 50 දෙනෙකුට වඩා ජීවිතක්ෂයට පත්වුණා. තවත් 20 දෙනෙක් පමණ තුවාල ලැබුවා. බෝම්බකරුගේ ඉලක්කය වී තිබුණේ මුස්ලිම් ආගමික උගතුන්. ඔවුන් සමරමින් සිටියේ ශුද්ධ වූ මහම්මද් නබි තුමාගේ උපන් දිනයයි.