Severity: Warning
Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_sessionfkc6aij0a67ft28ela7ojsmnfv7ga130): Failed to open stream: Disk quota exceeded
Filename: drivers/Session_files_driver.php
Line Number: 177
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
Severity: Warning
Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)
Filename: Session/Session.php
Line Number: 137
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
Wild Comedy life Photography Awards 2018
මෙම ඡායාරූප තරගය සඳහා ලෝකයේ නන්දෙසින් ඡායාරූප දහසකට වඩා ඉදිරිපත් වූ අතර, මුල් ස්ථාන දිනාගත් ඡායාරූප අතරට ශ්‍රී ලංකාවේ විල්පත්තුවේදී විදේශිකයෙකුගේ කැමරා ඇසට හසුවූ උරගයන් දෙදෙනෙකුගේ ද ඡායාරූපයක් ඇත. එයට නම යොදා තිබෙන්නේ ‘විල්පත්තුවේදී ටැංගෝ නැටුම් නටන උරගයෝ‘ යනුවෙනි.
පහත දැක්වෙන්නේ මෙම ඡායාරූප තරගයේ ජයග්‍රාහී ඡායාරූපයන් ය.
මෙහි මුල් තැන දිනාගත්තේ ඇමරිකාවේ ෆ්ලොරිඩා හි මේරි මැක්ගොවාන් විසින් කාච ඇසට හසුකරගත් Caught in the Act නමැති පහත ඡායාරූපයයි.
එහි දැක්වෙන්නේ විලම්බීත වූ ලේනෙකි. මෙය හොඳම ඡායාරූපයට අමතරව People’s Choice සහ Creatures of the Land සම්මානය ද දිනාගත්තේය.
ෂේන් කීනා විසින් ලබාගත් මේ ඡායාරූපය Creatures of the Air – ගුවනේ පියාඹන සත්තු කාණ්ඩය යටතේ ජයග්‍රහණය කළේය.
ටාන්යා හූපමන් විසින් ‘මුහුද යට‘ Under the Sea කාණ්ඩය යටතේ කැමරාවට සිනාසෙන නිල් මෝරෙකු නිසා ජයග්‍රහණය කළාය.
ඉන්දියාවේ කපුර්තාලාහිදී තමන් ගැනම පුදුම වුණු බකමූණෙකු කැමරා ඇසට හසුකරගෙන තිබුණේ අෂ්දීප් සිං නමැති ඡායාරූප ශිල්පියා විසිනි. කණිෂ්ඨ කාණ්ඩයේ Junior Award ජය ඔහුට හිමිවිය.
පින්ලන්තයේදී ගස් නගින වලස් පවුලක් ඡායාරූප මාලාවක් ඔස්සේ කාච ඇසට හසුකරගත් වැල්ටෙරි මුක්ලහයින්, Amazing Internet Porfolio යටතේ ජයග්‍රහණය හිමි කර ගත්තේය.
මේ රයිනෝසිරස් සත්වයා කැලොල් මුඛර්ජිගේ කැමරා ඇසට හසුවන්නේ ඉන්දියාවේ ගෝරුමාරා ජාතික උද්‍යානයේදී ය. රයිනෝට පිටුපසින් පිල් විහිදාගත් මොණරෙකු සිටියි. නමුත් බැලූ බැල්මට දිස්වන්නේ රයිනෝ පිල් විදිහාගෙන සිටින බවකි.
නොසන්සුන් වී සිටින මේ වලසා ජීවත් වන්නේ ඇලස්කාවේ ය. ඩැනියෙල් ඩියරේමෝ විසින් ගන්නා ලද ඡායාරූපයකි.
හිම මත අටවා ඇති කැමරාවක් තුළින් එබී බලන හිම වලසෙකි. රෝයි ගැලිට්ස් විසින් මේ ‘නැගී එන ඡායාරූප ශිල්පියා‘ව කැමරා ඇසට හසුකරගත්තේ ස්වැල්බාද් හිදී ය.
ස්වීඩනයේදී ග්‍රීට් වෙගන් විසින් කැමරාවට හසුකරගත් ජිම්නාස්ටික් පුරුදු වෙන ලේනෙක්!
ගෝන වර්ගයට අයත් moose සත්වයන් දෙදෙනෙකුට දම්පාට රාස්බෙරි පොකුරක රස බැලීමෙන් පසු අත්වූ ඉරණමට කැමරාවකින් වගකිව්වේ බානි කොස්ල්කා විසිනි. ඇමරිකාවේ වයොමින්ග් හිදී ගනු ලැබූ ඡායාරූපයකි.
ටැංගෝ නර්තනයක් සිහිගන්වන මේ කබර යුවළ ශ්‍රී ලංකාවේ විල්පත්තු අභය භූමියේදී නෙත ගැටී තිබුණේ සෙර්ගෙයි සැවී නමැති රුසියානු ජාතික ඡායාරූප ශිල්පියාගේ ය.
සෙර්ගයෙි සාවිගේම තවත් ඡායාරූපයක් වූ මෙහි, තායිලන්ත ජාතික වනෝද්‍යානයේදී දබර කර ගන්නා අළු පාට කොළ වඳුරන් දෙදෙනෙකු දැක්වේ.
Born Free Foundation පුණ්‍ය පදනමට අනුග්‍රාහයක් වශයෙන් මෙම ඡායාරූප ඇතුළත් ග්‍රන්ථයක් ද ප්‍රකාශනයට පත්කිරීමට නියමිත ය.
Article Credit – BBC / Outbound Today