A PHP Error was encountered

Severity: Warning

Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_session2136lrmnhhe1erjo54v98a8r8ttn0j2v): Failed to open stream: Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 177

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)

Filename: Session/Session.php

Line Number: 137

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප‍්‍රදර්ශනය සමග තිලකසිරි ඒකනායකගේ තිලකසිත දෙක නිකුත් වේ - News, Wildlife, People and Culture Stock Photos | Read Photos

දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප‍්‍රදර්ශනය සමග තිලකසිරි ඒකනායකගේ තිලකසිත දෙක නිකුත් වේ


දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප‍්‍රදර්ශනය සමග තිලකසිරි ඒකනායකගේ තිලකසිත දෙක නිකුත් වේ - Read Photos

12 February 2019

දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප‍්‍රදර්ශනය සමග තිලකසිරි ඒකනායකගේ තිලකසිත දෙක නිකුත් වේ

ජාතික ඡායාරූප කලා සංගමයේ සාමාජිකාවක් වන  දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප‍්‍රදර්ශනය පෙබරවාරි  මස 15 හා 16 දෙදින කොළඹ මහජන පුස්තකාල දේශන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඡායාරූප ප‍්‍රදර්ශනයේ   සමාරම්භක උළෙල පෙබරවාරි  15 සිකුරාදා  උදේ 10.30 පැවැත්වේ.

විදුසර විද්‍යා සඟරාවේ බාහිර ලේඛිකාවක් වන දෙව්නි ඒකනායක දැනට තොරතුරු තාක්‍ෂණ අංශයේ උසස් අධ්‍යාපනය ලබයි.

ඇය පාසල් අධ්‍යාපනය  ලැබුවේ කොළඹ දේවි බාලිකා විදුහලිනි. 

එම විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ද වූ ඇය විදුහලේ ඡායාරූප සංගමය නියෝජනය කරමින් දෙස් විදෙස් තරග රැසකට සහභාගි වී ජයග‍්‍රහණ ලබා ඇත. 

පාසලේ අටවැනි පන්තියේ පටන් ම කැමරාව සමග ගනුදෙනු කරන දෙව්නි සේයා රූ වැඩමුළු හා සංචාර රැසකට සහභාගි වී තිබේ.

ඡායා රූප විශාල ප්‍රමාණයක්  ඇය සතුව පැවැතියත් ඒවා අතරින් තෝරාගත් ඡායාරූප පෙළක් මිශ‍්‍ර තේමාවන් යටතේ මෙවර ප‍්‍රදර්ශනයට තෝරා ගෙන ඇත.

ඡායාරූප  විෂයෙහි ඇගේ ගුරුවරුන් වන්නේ දිවයිනේ කීර්තිමති ඡායාරූප ශිල්පීන් දෙදෙනකු වන චන්‍ද්‍රසේන පෙරේරා හා පණ්ඩුක සිල්වා මහත්වරුන් ය.

www.thilaksithablogspot.com බ්ලොග් අඩවිය මගින් ජීවිතය කතාන්දර ලෙස ඉදිරිපත් කරන ඉංජිනේරු තිලකසිරි ඒකනායක එහි අඩංගු තවත් කෙටි කතාන්දර එකතුවක් සිය දියණියගේ මෙම සේයාරූ දැක්මට සමගාමීව එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

2014 වසරේදී තිලකසිත පළමු කොටස නිකුත් වූ අතර, එයට විශාල පාඨක ප‍්‍රසාදයක් හිමි විය. 

තිලකසිත දෙක මෙවර නිකුත් වන්නේ ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙසනි. 

බ්ලොග් තීරු ලිපි හතළිහක් සංස්කරණය කළ එකතුවක් වන මේ පොතේ කවර නිර්මාණය දර්ශන කරුණාතිලකගේය. 

පොත පිළිබඳ රසික කතාබහක් 16 වැනි සෙනසුරාදා සවස 5 ට මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වේ.