A PHP Error was encountered

Severity: Warning

Message: mysqli::real_connect(): Headers and client library minor version mismatch. Headers:50651 Library:50562

Filename: mysqli/mysqli_driver.php

Line Number: 211

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/models/Product_model.php
Line: 9
Function: database

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

ගතවූ සතිය කාච ඇසින් (ජනවාරි 8-14) - News, Wildlife, People and Culture Stock Photos | Read Photos

ගතවූ සතිය කාච ඇසින් (ජනවාරි 8-14)


ගතවූ සතිය කාච ඇසින් (ජනවාරි 8-14) - Read Photos

16 January 2022

තක්කඩියාගේ පිළිතුරු දීම

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, පළමු ලොක්ඩවුන් සමයේදී බ්‍රිතාන්‍ය  අගමැති කාර්යාලයේ මත්පැන් සාදයක් පැවැත්වූ බව තහවුරු විය. මේ, ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් දැඩි හරස් ප්‍රශ්න ඇසීමට ලක් කළ ආකාරයයි. තමන් ඒ ගැන 'හදවතින්ම කණගාටු වන බව' පැවසීම විනා එයට වඩා දෙයක් මේ ප්‍රශ්නයේදී ඔහු කරන්නේ නැත. එය තක්කඩියන්ගේ ලක්ෂණයකි. 'තමන්ගේ බෝතලය තමන්ම ගෙන එන්න' යැයි කලින් කියා තිබු මෙම සාදය, 'වැඩකරන ගමන් මධුවිත පානය කරන අවස්ථාවක්' යැයි විශ්වාස කළ බව ද ඔහු කීවේය. (JESSICA TAYLOR / UK PARLIAMENT)

වැඩිවියට සාදරයෙන්!

[caption id="attachment_30328" align="aligncenter" width="800"]DAMON COULTER / GETTY IMAGES[/caption]

ජපන් ජාතිකයන්ට අවුරුදු 20 විශේෂ ය. එදින Seijin no Hi නමින් හඳුන්වන අතර, එය ජාතික නිවාඩු දිනයක් ද වේ. මේ, ජපානයේ තෝකියෝ නුවර සෙන්සො-ජි පන්සලේ පැවති එම සැමරුම් උත්සවයට සම්ප්‍රදායික කිමෝනාවන් හැඳගෙන සහභාගි වී සිටි යුවතියන් දෙදෙනෙකි. ඔවුන් වැඩිහිටි ලෝකයට සාදරයෙන් පිළිගැනීම මෙමගින් සංකේතවත් වේ.

නොවැක්ගේ පුහුණු වීම

[caption id="attachment_30326" align="alignnone" width="800"]JAMES ROSS / EPA[/caption]

අද (ඉරිදා) දිනයේදී නඩු විභාගයට මුහුණ දෙන ටෙනිස් ‌ලෝක ශූර නොවැක්, පසුගිය බදාදා දිනයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් පාක් හිදී පුහුණුවීම් කරමින් සිටියේ මෙසේ ය. මෙම සර්බියානු ක්‍රීඩා ශූරයා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගි වීමට පැමිණ සිටියේ එන්නත් විද ගැනීමකින් තොරව, වීසා අයදුම්පතේ ද සාවද්‍ය තොරතුරු සඳහන් කරමිනි.

කෝවිඩ් ස්මරණ පවුර අබියස

[caption id="attachment_30327" align="alignnone" width="800"]VICTORIA JONES / PA MEDIA[/caption]

මේ, ලන්ඩනයේ පිහිටුවා තිබෙන කෝවිඩ් ජාතික ස්මරණ පවුර ඉදිරියේ, වසංගතය විසින් සොරකම් කළ සිය ප්‍රියයා වෙනුවෙන් සටහනක් තබන අයෙකි. ගතවූ දින 28 තුළ මරණ 150,000 කට වඩා වාර්තා කරමින් එක්සත් රාජධානිය මේ වන විට වසංගතයේ දරුණුම අවධිය පසු කරමින් සිටියි. ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, මෙක්සිකෝව සහ පෙරු රාජ්‍යයට පසු මරණ 150,000 පසු කළ රට ලෙස මේ වන විට එක්සත් රාජධානිය 7 වන ස්ථානයට පත් ව තිබේ.

චීන මහා ප්‍රාකාරයේ හීන් හිම පලස

[caption id="attachment_30334" align="alignnone" width="800"]GREG BAKER / AFP[/caption]

මේ, චීන මහා ප්‍රාකාරයේ ජියැන්කු ආශ්‍රිත කොටස, හිම තුහිනයෙන් වැසී ගොස් තිබුණු ආකාරයයි.

BBC ස්මාරකයට මිටි පහර!

[caption id="attachment_30332" align="alignnone" width="800"]IAN WEST / PA MEDIA[/caption]

එරික් ගිල් විසින් 1933 වසරේදී අඹන ලද මෙම Prospero and Ariel ප්‍රතිමාවට මේ සතියේ නාඳුනන මිනිසෙකුගේ මිටි පහර එල්ල විය. මෙය පිහිටා තිබෙන්නේ සෙන්ට්‍රල් ලන්ඩනයේ BBC පුවත් සේවයට අයත් බ්‍රෝඩ්කාස්ටිං හවුස් හි ය. හානිය කළ තැනැත්තා මෙතැනින් ඉවත් කිරීමට පොලිසියට පැය කිහිපයක් ගත විය.

සික් බැතිමතුන්ගේ රන් පල්ලිය

[caption id="attachment_30333" align="alignnone" width="800"]NARINDER NANU / AFP[/caption]

මේ, ඉන්දියාවේ අම්රිත්සාර් හි පිහිටා තිබෙන 'රන් පල්ලිය' ඉදිරිපිට මේ සතියේදී සික් බැතිමතුන් සිය පුද පූජා පැවැත්වූ ආකාරයයි.

මඩ කාගෙන ජීවිත රකින්නෝ

[caption id="attachment_30331" align="alignnone" width="800"]DOUGLAS MAGNO / AFP[/caption]

බ්‍රසීලයේ මිනනාස් ගෙරායිස් පළාතට මේ සතියේ ධාරාණිපාත වැසි ඇද හැළුණේ අවම වශයෙන් 15 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් කරමින් සහ 28,000 දෙනෙකුට අධික පිරිසක් සිය නිවෙස්වලින් අවතැන් කරමිනි. මේ, ගළවා ගැනීමේ මෙහෙයුම්වලට එක් වී සිටි ගිනි නිවන හමුදාවේ භටයෙකි. ගින්න වුවත් - වර්ෂාව වුවත් ඔවුන්ගේ කැපවීම සම කළ නොහැක.

අයිස් කඳු නගින්නෝ

[caption id="attachment_30329" align="alignnone" width="800"]KEREM YUCEL / AFP[/caption]

ඇමරිකා එක්සත් ජනපදයේ සෑන්ඩ්ස්ටෝන් හි රොබින්සන් උද්‍යානයේදී Sandstone Ice Climbing Festival පැවැත්විණි. මේ, තට්ටු පිට තට්ටු අයිස් බැඳුණු මහා ගල් පර්වත තරණයේ යෙදී සිටින කඳු නගින්නෙකි.

ජීවිත මීදුම දෑස වසනවා

[caption id="attachment_30330" align="alignnone" width="800"]KEREM YUCEL / AFP[/caption]

පාකිස්ථානයේ ලාහෝර් නුවර දැඩි මීදුම් මධ්‍යයේ රේල් පාර පැනීමට බලා සිටින බැලුම් වෙළෙන්දෙක්.

AMALI JAYAWEERA

https://outboundtoday.com/week-in-pictures-8-14-january-2022/