මංගල ඡායාරූපකරණය( Wedding photography)


මංගල ඡායාරූපකරණය( Wedding photography) - Read Photos

12 June 2020

 

මංගල ඡායාරූපකරණය( Wedding photography) වෘත්තිමය විදිහට ගොඩක් අයට වැදගත් කරුණු ස්වල්පයක් අධ්‍යයනය සඳහා මෙසේ සටහන් තබන වගයි. 

දිතිත් (Digital) යුගයට පෙර පට(flex) යුගයේදී විදේශීය සඟරා හා පොත් වලින් උකහා ගත් දැනුම අද අතැඟිලි තුඩට පැමිණ ඇත.ප්‍රභාලේඛනය ඉගැනුමට බොහෝ මං පෙත් විවරව ඇත. 

නමුත් මීට දශක එකහමාරකට පෙර ස්වකීය වයසින් දශක එකහමාරක් නොවු පිරිසක් ප්‍රභාලේඛනය ඉගැනුමට වලි කෑ හැටි මතකයට නැගෙන්නේ නිරායාසයෙනි.  

 

Yashica X7 අරඹා Nikon FM10 වැනි කැමරා අතැතිව රසායනාගාර වල රස්තියාදු වූ යුගය මතකයන් ඔස්සේ දිගහැරෙති. 

අද මෙන් අන්තර්ජාලය, broadband යුගයට පැමිණ නොතිබුණු නිසා අපි මාතර සිට කොළඹට දැනුම සොයමින් විටින්විට ගාටන්නට වුනෙමු. 

 

අප වාසනාවට අපට ගිවන්ත අර්ථසාද් මුන ගැසුණු අතර ප්‍රභාලේඛනයේ දත මුවහත් කරගත්තේ ඔහුගෙනි . 

ඔහු සිය වැඩමුළුව අවසන පැවසූවක් එදවස එතරම්ම අප නොසලකනු ලැබූවද අද එය කෙතරම් ගැලපෙන බව අපට තහවුරුව අවසන් ය. 

එය මෙසේ ගෙනහැර දක්වන්නෙමු. 

 

“පටල පටයෙන් ඡායාරූප ගන්නා අවසන් පරපුර නුඹ විය හැක,නමුත් ඉදිරියට එන ඕනෑම කැමරාවක ක්‍රියාවලියට පිටුපස ඇත්තේද අද අප භාවිතා කරන කැමරාවක ඇත්තේ ද එකම සිද්ධාන්තයකි. 

එම නිසා කැමරාව ගැන උගැනුමට වඩා කැමරාව පිටුපසින් තබන ඇස දියුණු කරගන්න.,කාලාවකාශයේ හඹායන කාලය මොහොතකට නවතා පියවි ඇසට නොපෙනෙන දේ කැමරා ඇසින් දකින්න, නිමවන්න ඉගෙනගන්න. 

හෙට දවසේ දැනුම සියල්ලන් අතරහෙ නොමිලේ සැරිසරනු ඇත. එය කෙතරම් අවශෝෂණය කරගන්නේද යන්න තමා සතු කාර්යයක් වනු ඇත.ශිල්පීය දියුණුවද, නිර්මාණාත්මක දියුණුවද, එය මත රඳා පවතින්නේය.” 

 

ඒ මඟපෙන්වීම ඔස්සේ පෙර කී පරිදි දැනුම සෙව්මට අපි බ්‍රිතාන්‍යය කවුන්සිලය ට ගොඩ වැදුනෙමු. මරදානේ පරණ පොත් කඩපෙළ අතරෙහි සැරිසැරුවෙමු.

අද දිතිත් යුගය මත ප්‍රභාලේඛනයෙ නව මං පෙත් විවරව ඇති මුත් නිර්මාණශීලීත්වයෙහි ඇති දුගී බව දිනෙන් දින වර්ධනය වන බව පෙනෙන්නට ඇත. එයට හේතුව ලෙස හැඟෙන්නේ ශිල්පය පිටුපස ඇති චින්තනමය(මතවාදී) දුප්පත් කමයි. 


 

කැමරාව නව සිප්ලකුව(Technology) ඔස්සේ දිනෙන් දින වර්ධනය වන්නකි එය  කැමරාවෙහි ඇණ මුරිච්චි වලට අවැසි විදිහට ශිල්පියා හැසිරීම වෙනුවට ශිල්පියාට අවැසි පරිදි ඇණ මුරිච්චි හැසිරීම සිදුකර ගත යුතුය.

නැතහොත් ශිල්පියාට කැමරාව මත යැපීමට සිදුවේ. නමුත් සිදුවිය යුත්තතතේ  කැමරාව මත යැපීමට වඩා එය තවත් උපකරණයක්( Tool ) ලෙස සැලකා එහි ඇති හැකියාවන් තමන්ට අවැසි පරිදි භාවිතාකිරීමයි. 

 

ඒ සදහා ශිල්පය සහ නිමැවුම් කරනය අතර පුළුල් දැක්මක් පැවතිය යුතුය. ශිල්පීන්හට නිමැවුම් කරනය පිටුපස ඇති දාර්ශනික චින්තාව (මතවාදී එළඹුම) ගැන මනා අධ්‍යයනයක් පැවතිය යුතුය. 

සරලවම, 

Why I take this? යන්නට යුක්ති යුක්ත පිලිතුරක් කැමරාවලට ඇස් තැබීමට ප්‍රථම ඇසතබන ශිල්පියා  සතු විය යුතුය. 

මේ කරුණත් සමඟම , අපි  මංගල ඡායාරූපකරණයේදී හමුවන විවිධ මට්ටමේ ඡායාරූප මාදිලීීීීන් පිළිබඳව සලකාබලමු 

 

01. සාම්ප්‍රදායික මංගල ඡායාරූපකරණය(traditional wedding photography)  

 

මෙය ඉතා සුලභව මාදිලිය වන අතර සාම්ප්‍රදායික හැඩගැසී පෙනී සිටීම් (poses) වලින් යුක්තය. 

මනාල යුවල සහ ඔවුන්ගේ සහචරයන් පවුල් වල උදවිය කේක් කැපුම සව්දිය පිරීම,

සිපගැන්ම වැනි අවස්ථා විධිමත් අයුරින් ඡායාරූපයට නැගීම මෙහිදී සිදුවේ. 

 

02.වාර්ථාරූපී මංගල ඡායාරූපකරණය(photojournalistic wedding photography) 

 

මෙය බොහෝ සෙයින් නිර්මාණශීලීත්වය අවශ්‍ය වන කාරණයකි එමෙන්ම මංගල උළෙලෙහි ඇති විවිධ අවස්ථාවන් නිර්මාණාත්මක අයුරින් වාර්තා කිරීම මෙහිදී සිදුවෙයි.

මෙහිදී ශිල්පියා හට ක්ෂණික නාභිගත කිරීමට කැමරා සැකසුම් ක්ෂණිකව සීරුමාරු කිරීමට නිවැරදි ලෙස රාමුගත කිරීමට මනා හැකියාවක් පැවතිය යුතුයි සත්‍ය වශයෙන්ම මෙය ක්ෂණික මොහොතක අවකාශය රාමුගත කිරීමකි. 

 







 

03. විචිත්‍රවත් මංගල ඡායාරූපකරණය (illustrative wedding photography) 

 

මෙය බොහෝවිට විවාහයට පෙර සිදු කරනු ලබන ඡායා ගැන්වීම් වල දී භාවිතා වන්නකි මෙහිදී ආලෝකය(Lighting) දර්ශන පසුතලය(background), දිසි සංයුතිය (shot composition) සහ හැඩවී පෙනී සිටීම්(Poses) 

යන්න පෙර සැලසුම් කරමින් සහ ඒවායේ තත්ත්වයන් පාලනය කරමින් සිදුකරනු ලබන්නකි. 

මෙහිදී ශිල්පියා හට විශේෂිත කාච(Tele photo lence and wide angle and also fish eye) හා පෙරහන් වර්ග (UV, ND ,polarized etc) භාවිතයට ගැනීමට සිදුවේ. 

එහිදී වැදගත්ම කාරණා නම් ශිල්පියා තමන්ගේ වස්තුව එනම් මනාල යුවළ ගෙන් තමන්ට අවැසි රංගනය ලබා ගැනීම සඳහා ඔවුන් අධ්‍යක්ෂණයට භාජනය කළ යුතුය . 

එහිදී එම අධ්‍යක්ෂණය කෙතරම් සාර්ථක ද යන්න මත හඹා යන මොහොතක් අචල රූප රාමුවක් මත ගොනු කර ගත හැක. 

 

04. ආලේඛ්‍ය මංගල ඡායාරූප කරන(portrait wedding photography) 

 

මෙම ඡායාරූපය යනු සමස්ත මංගල අවස්ථාව එකම රූපකයක් මත ට ගොනු කිරීම ය.

එය සමස්ත මංගල උත්සවයම නියෝජිත සංකේතයකි මෙහිදී මනාලිය මනාලයා හා මනාල යුවල සතු සියලුම භාවයන් හැඟීම් මතුවන පරිදි ඔවුන්ව හසුරුවා ගැනීමට ඡායාරූප අදියුරු වන් සමත් විය යුතුය. 

මූළු මංගල්‍යයයේම සමස්තාර්ථය මෙම ඡායාරූප එය හෝ කිහිපයක් මගින් පෙන්වීමට ඔහුට හැකි විය යුතුය. 

 

06. සෞන්දර්යාත්මක මංගල ඡායාරූපකරණය (fine art wedding photography) 

 

මෙහිදී ඉහතින් සඳහන් කරන ලද ආලෝකය(Lighting) දර්ශන පසුතලය(background), දිසි සංයුතිය (shot composition) 

සහ හැඩවී පෙනී සිටීම්(Poses) ට අමතරව පසු නිෂ්පාදන විධික්‍රම (retouching techniques) ද භාවිතයට ගැනේ. 

මේවා සියල්ල කලින් සැලසුම් කර ඇති අතර පවතින සැබෑව පෙන්වනවාට වඩා වෙනත් අර්ථයක් මතුවන පරිදි රූප ගොඩනැගීම මෙහිදී සිදු කරනු ලබයි . 

මෙයට අමතරව තවත් බොහෝ මාදිලි පවතින මුත් අප රටෙහි ඇත්තන්ට ඔවුන් බහුලව භාවිතා කරන්නේ ඉහතින් සඳහන් දෑ වේ. 

 



 

07.නිරූපිත  මංගල ඡායාරූපකරණය ( Fasion wedding photography)

මෙහිදී නිරූපන ශිල්පියෙකු/ශිල්පිනියක් මනාලයෙකු හෝ මනාලියක  ලෙස හැඩ ගන්වා ඡායාරූපයට නැගීමයි. මෙහාදී මංගල උත්සවයකදී මෙන් කලබලයක්/ හදිසියකින් තොරව

ආලෝකය(Lighting) දර්ශන පසුතලය(background), දිසි සංයුතිය (shot composition) සහ හැඩවී පෙනී සිටීම්(Poses)යන  සියල්ල  පෙර සැලසුම් කර හැක.

රූප දෛශිකයන් තමන්ට රිසිපරිදි සැලසුම් කරගත හැක. වැදගත්ම කාර්යය නම් මෙහිදී නිරූපන ශිල්පියා සතු ආහාර්යය අභිනයෙහි විශේෂ ලක්ෂණය (features)ස්මතු කිරීම සිදුකරයුතුය.

මක්නිසාදයත් මෙය වාණිජ නිශ්පාදන ක්‍රියාවලියක් බැවින් නිශ්පාදකයාගේ නිපැයුමක් ප්‍රවර්දනය සදහා මෙම ජායාරූපකරණයේ දි සිදුකරයි.

එනම් නිරූනපන ශිල්පියා /ශිල්පිනිය සැරසුනු ඇදුම් ආයත්තම් ,ආභරණ සහ අංගරචනය වැනි අංග ස්මතුවන පරිදි  ඡායාරූපකරණය සිදුකරයුතුය.

පාලිත තීව්‍ර ආලෝකයන් මෙහිදී යොදාගතයුතු තවත් වැදගත් අංගයකි. වැඩි විස්තර (Deatils)ඉස්මතු කිරීමට ඡායාරූප ශීල්පියා සමත්විය යුතුය,

 

දිතිත් පසු නිශ්පාදන (digital retouching techniques) ක්‍රියාවලියේදී මගහැරන ප්‍රභාලේඛනයේ මූලික හරය පහත පරිදි ගෙනහැර දැක්විය හැක. 

 

එනම් මංගල උත්සවය යන කාලාවකාශයේ අඩංගු සියලුම දෛශිකයන් (රූපක, වර්ණ සහ හැඩතල) නිර්මාණාත්මක අයුරින් වාර්තාගත කිරීම,

එනම් මොහොතකට අවකාශය චලිතය අචල කිරිමකි. මෙම අචල අවකාශය අනාගතය උදෙසා කරනු ලබන වාර්තාකරණයකි. එබැවින් එම අවකාශය ඇති සියලුම දෛශිකයක් මුල් ආකෘතිය නොවෙනස්ව වාර්තාකරණය කළ යුතුය. 

වර්තමාන දිතිත්(Digital) ප්‍රභා ලේඛණ යෙදී ද එහි පසු සැකැස්මේ දී ද මෙම මුල් දෛශිකයන් (රූපක,වර්ණ හා හැඩතල) යම් යම් වෙනස්කම්වලට ලක් කරමින් වෙනස් මුහුණුවරක් ලබාදීම සිදුකරනු ලබයි. අප වඩාත් සැලකිය යුත්තේ මෙම කාරණයට ය. ද

දිතිත් සැකසුම් ක්‍රම (digital retouching) කෙතරම් තිබුණද ඒ භාවිතා කර ගත යුත්තේ රූපයක් නිවැරදි අයුරින් අනාවරණය කරගැනීමෙන් පසු එහි සංගතිකයන් වැඩි වර්ධනය කිරීමට ය. 

නමුත් අනාවරණයේ දී ඇතිවන දෝෂ ඉවත් කරලීම සඳහා පසු සැකසුම් භාවිතය වත්මනෙහි බහුලව සිදුවන්නකි එමගින් රූපය තුළ සටහන් වියයුතු දෛශිකයක් වෙනසකට භාජනය වීම සිදුවේ වෙනත් වචනයකින් කියතොත් වාර්තාකරණය විකෘති වීමක් සිදුවේ.

ගයාන් වීරසිංහ