සිරියානු යුද්ධය


සිරියානු යුද්ධය  - Read Photos

27 February 2019

 

සිරියාවේ අලෙපෝ හි ජෙඩිඩා දිස්ත්‍රික්කයේ පිහිටි නිවාස සංකීර්ණයක් තුලදී මෙම දර්ශනය කැමරා කාචයට හසු කරගත්තේ මෙක්සිකානු ජාතික නාර්සිසෝ කොන්ත්‍රෙරස් විසිනි. මෙම ඡායාරුපය ලබාගෙන ඇත්තේ 2012 ඔක්තෝබර් මස 29 වැනිදා ය.

ඇසෝසියේටඩ් ප්‍රෙස්  සමග කටයුතු කල නාර්සිසෝ කොන්ත්‍රෙරස්ට යුධ ගැටුම් සම්බන්ධ ඡායාරුප වාර්තාකරණය වෙනුවෙන් 2013 වසරේ දී පුලිට්සර් සම්මානයද ලැබුණේය.

ප්‍රවීන වාර්තා ඡායාරූපශිල්පියකු සහ ඡායාරූප ජනමාධ්‍යවේදියකු වන නාර්සිසෝ කොන්ත්‍රෙරස් විසින් යුද ගැටුම් සහ ආර්ථිකමය කරුණු නිසා සිදුවන හානි පිළිබඳව වැඩි අවධානයක් යොමු කල අයෙකි. සිරියාවේ යුද්ධය, ඊජිප්තුවේ හමුදා කුමන්ත්‍රණය, යේමනයේ යුද්ධය සහ ලිබියාවේ සිදුවන වහල් වෙළඳාම පිළිබඳ වාර්තාකිරීම ඔහු විසින් සිදුකල ඉතා වැදගත් වාර්තාකිරීම් කිහිපයක් පමණි.

2014 වසරේ සිට ඡායාරුප ප්‍රදර්ශන ගණනාවක් පැවැත්වූ නාර්සිසෝ කොන්ත්‍රෙරස් විවිධ සම්මාන කිහිපයක් ද ලබා ගත්තේය.