Severity: Warning
Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_session93d0epocbm1he0ebhdf9hebihi7qfhpf): Failed to open stream: Disk quota exceeded
Filename: drivers/Session_files_driver.php
Line Number: 177
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
Severity: Warning
Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)
Filename: Session/Session.php
Line Number: 137
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
වංශවත් Mamiya RB 67 කැමරාව
90 දශකයේ අපට මමියා කැමරාවක් යනු ඉහළ ම සිහිනයක් විය. ඉතා සීමිත මමියා කැමරා භාවිතා කලේ එකල ප්‍රචාරණ සහ වාණිජ ඡායාරූපකරණයේ නියැලුණු අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසක් පමණක් විය. පසුව මෙම කැමරාව ප්‍රධාන පෙලේ ඡායාරූපාගාරවල ද ස්ථාපිත විය. 90 දශකයේ අග මේ සිහිනලන්තය හිමි කර ගන්නට මට හැකි විය..!!
Mamiya මමියා කැමරා සමාගම මුලින් ම ආරම්භ වන්නේ 1940 වසරේ ජපානයේ ටෝකියෝ නුවර ය. ආරම්භක කැමරා සැලසුම්කරුවා වූයේ සෙඉචි මමියා මහතා ය. පසුව මෙම සමාගමට මුදල් යෙදවූයේ ත්සුනේජිරෝ සුගාවරා මහතා ය.
කැමරා සහ කාච නිපදවන සමාගමක් ලෙස ආරම්භ වූ එහි කර්මාන්තශාලා දෙකක් වූ අතර, එකල එහි සේවකයන් 200 දෙනකු සේවයේ යෙදුනේ ය. මමියා සමාගම මුලින් ම නිෂ්පාදනය කළේ මමියා සික්ස් Mamiya Six නම් කැමරාව ය. ඉන්පසු මමියා ප්රෙස් Mamiya Press නමින් 6 x 9cm ප්‍රමාණයේ විශාල රාමුවක් සහිත රේන්ජ් ෆයින්ඩර් Range Finder - දුර මානක හෙවත් දුර මැන නාභිගත කරන කැමරාවක් වෙළෙඳපොළට ඉදිරිපත් කළේ ය.
ඊටත් පසු ඔවුහු මමියා ද්විකාච ප්‍රතිඡායා කැමරාවක් නිෂ්පාදනය කළේ ය. එකල එම කාණ්ඩයේ මමියා C330 (1975) කැමරාව යනු ද්විකාච කැමරාවල සුපිරි පෙරළියක් විය.
ඔවුන් ඒක කාච ප්ර9තිඡායා SLR - Single Lens Reflex කැමරා නිෂ්පාදනය කිරීම ආරම්භ කරන්නේ එයින් පසුව ය. මුලින් ම ඔවුහු 135 පටල පට යොදන කැමරා ද, ඉන් පසු මධ්‍යම ප්ර්මාණ Medium Format, 120 පටල පට යොදන ඉහළාන්ත High End කැමරා ද නිෂ්පාදනයට අත ගැසුවේ ය.
මීඩියම් ෆෝමැට් කැමරා අතර කිරුළු පලන් Mamiya RB 67 කැමරාව වෙළෙඳපොළට එන්නේ 1970 වසරේ දී ය.. මමියා කැමරාවට තරගකාරී ව නිෂ්පාදය වූයේ හසල්බල්ඩ්, ලිනොෆ්, සෙන්සා බ්‍රොනිකා 6x6 , පෙන්ටැක්ස් 67 ආදී කැමරා ය.
මීට අමතර ව මමියා සමාගම ම, සෙන්ටිමීටර් 6 x 4.5ක රාමු ප්‍රමාණයක් සහිත Mamiya 645 බුරුබුහුටි කැමරාවක් ද නිෂ්පාදනය කළේ ය.
• Mamiya RB67 Professional කැමරාව ඔවුන් මුලින් ම වෙළෙඳපලට ඉදිරිපත් කළේ 1970 වසරේ දී ය. සම්පූර්ණ ශ්‍රමායික (මැනුවල්) මාදිලියේ වූ මේ කැමරාවේ කිසිදු ඉලෙක්ට්රොනික කොටසක් නොතිබිණි. කොටින් ම එහි අනාවරණ මානයක් Exposure meter පවා තිබුනේ නැත. එහි පටල රාමු ප්‍රමාණය සෙන්ටිමීටර් 6 cm × 7 cm (නියම ප්‍රමාණය මිමී 57 × මිමී 67) විය.
• Mamiya RB67 Professional S 1974 වසරේ දී එම කැමරාවේ ම සුළු වැඩිදියුණු කිරීම් සමග Pro S කැමරාව එළි දැක්විණි.
• Mamiya RB67 Professional GL 1982 දී එම කැමරාව ම සීමිත සංස්කරණ කිහිපයකින් යුක්ත ව නිපදවිණි. special edition of the Pro-S
• Mamiya RB67 Professional SD 1990 දී වඩා ලොකු ලෙන්ස් බේනට්ටුවක් සහිත නව සංස්කරණය එළිදැක්විණි. එම කැමරාවට ම පැරණි සංස්කරණවල කාච ද භාවිතා කළ හැකි වන සේ ඊට වෙනම ඇඩැප්ටරයක් ද ගත හැකි විය.
• මමියා කැමරා ඉලෙක්ට්රෝනික පාලනයකින් යුක්ත ව නිෂ්පාදනය වන්නට පටන් ගත්තේ 1982 වසරේ දී ය. එය Mamiya RZ67 Professional නම් විය. සාමාන්‍ය වීව් ෆයින්ඩරයට අමතර ව, අනාවරණ මාන ද සහිත පැන්ටා ප්‍රිස්ම් විව් ෆයින්ඩරයක් ඊට වෙනම ලබා ගත හැකි ව තිබුණි. එයින් පසු නිෂ්පාදනය වූ Mamiya RZ67 Professional II (1995) සහ Mamiya RZ67 Professional IID (2004-2014) කැමරාවලට ඩිජිටල් සෙන්සරයක් සහිත බැක් එකක් නිර්මාණය විය. එයින් පසු එය ඉහළාන්ත High End ඩිජිටල් ඒක කාච ප්රතිඡායා Digital Single lens Reflex _ DSLR කැමරාවක් විය.... මෙගා පික්සල් 40-50ක පමණ අතිවිශාල ප්ර තිබිම්බ ලබා ගත හැකි වූ එයින් අද වන විට මෙගා පික්සල් 100 ඉක්මවන ප්‍රතිබිම්බ ද ලබා ගත හැකි ය..
මමියා කැමරා ප්‍රමාණයෙන් විශාල වූ අතර, ඒවා හස්තගත ව Handheld හෙවත් අතේ තබාගෙන වැඩ කිරීම එතරම් පහසු වූයේ නැත. එනිසා ම මේ කැමරා චිත්‍රාගාරවල Studio සහ ක්සේත්‍රෙය් Field භාවිතා වූයේ අනිවාර්ය ත්රිිපාද පීඨිකාවක් Tripod මත ය.
උපුටා ගැනීම.
ඉන්ද්‍රනාථ තේනුවරගේ ෆේස්බුක් ගිණුමෙන්